Advertise

අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා

රඹවන් හේනේ  කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා  එතකොට
සි ති විලි ඉගිලෙනවා

දඬු‍වැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා එතකොට
සි හි නය උපදිනවා


0 comments:

Post a Comment

 
Top