Advertise

සඳ තරු නිහඩයි
ගහකොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතුවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කරා

මවා නුවන ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ
හදවත අවදි කලා


0 comments:

Post a Comment

 
Top