පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරැහින් ම ලගටම තුරුල් වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නැ හීනයක් වෙලා
කෝලම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්
හිමි නොව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත අතින් අතට ආවද ලන් වෙලා
අපි හීනෙන් හීනෙට පාටක් ගෑවිලා
මායම් හිතේ ආදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුණු හැටි පුදුමයි ඉතින්
රැදෙනා හිතේ සුසුමක් තරම්
සන්සාරෙම හුරු ඒ සුවදේ පැටලිලා
මගේ ජීවිත ගමනට ඔය නෙතු ඉගි කළා
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment