යාන්තමින් මගෙ හිත අවුස්සා
දෝරෙ ගලායන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම්
ඉන්නවනම් මියෙනාතුරා මං
හිතටත් හොරා ඉගි පාලා
කාටත් හොරා ලං වීලා
සැන්දා වලා සේයා වීලා
පාට පාටින් හීන මැවුනා
කදු මුදුන් මත ඔබව හෙව්වා
මල් යාය මැද ඔබව හෙව්වා
තරු පොකුරු මැද ඔබව පෙනුනා
ආදරෙන් මා සිතම පිරුනා
යාන්තමින් මගෙ හිත අවුස්සා...
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment