ම හද දෝතින් ගෙන පැතූ
පැතුම් කුසුමෙහි පෙති කඩා හැර
නුවන් යුග කදුලින් තෙමා හැර
නිමල පෙමකට නිගා කල මට
වෛර නොකරනු මැනවි සොදුරියේ
කටුක දුක් හදවත දවද්දී
නිවාලන්නෙම් කෙලෙස ඔබ හද
බිදුනු පෙම ඉකිබිද හඩද්දී
සිනා රැල්ලක වේද සොම්නස
සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අභිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසසිරු
නොහැක ඔබ අභියස රගන්නට
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment