Advertise

රැවටුනු තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ උනේ කිසිදා

හැමදාම ඔබ මාගේ පවසා තුරැලේම උන්කාලේ පෙරදා
දැනුනේම නෑ ඔහුගේ කියලා හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිලිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා

වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ උනේ කිසිදා

හිත කීරිගැහිලාම රිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා ඔයවාගේ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුනා මතක් වෙන වාරයක් පසා

වැරදි කරලා ඔයා හැමද මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ උනේ කිසිදා

රැවටුනු තරම්......

0 comments:

Post a Comment

 
Top