හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනා සෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //
නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ
මල පරවුණා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගෙ නිවාලා
සිනා සෙන්න බෑනේ............
සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණගැහුණ තැන තාම මම ඉන්නවා
සිනා සෙන්න බෑනේ............
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment