Advertise

සුසුම වී මගේ මුළු හදින් මා ළගින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබදකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්නෙපා සිතින්

ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
යළිදු ඉල්ලුවා නැහැ වරද තේරුණේ
අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
මිහිරි සුවද මා තනිකරයි පාළුවේ

නොදැන ළංවෙලා හෝ නොදැන වෙන්වුනී
ඉතිං කිසිම දා මුණගැසුනෙ නැහැ යළී
පුංචිම කාලේ සමුගත් තැනින් අපී
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී
පුංචිම කාලේ සමුගත් තැනින් අපී
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී


0 comments:

Post a Comment

 
Top