Advertise

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා

දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා  සොයා
හැමදාමත්  පෙම් කළා
මගේ සිත් පුරා

රණ්ඩු කරගෙන  යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ  සත්තයි
තිස්සෙම කඳුළැල් දැසේ  රැදුනේ ඉන්න බැරි හින්දයි

දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා  සොයා
හැමදාමත්  පෙම් කළා
මගේ සිත් පුරා

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
හංගගෙන තව ඉන්න බැ මට ඔබට ගැති  සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරං ඔබමයි

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා

දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා  සොයා
හැමදාමත්  පෙම් කළා
මගේ සිත් පුරා


0 comments:

Post a Comment

 
Top