Advertise

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුහුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්

වලාවක් සේ අයාලේ ගිය
සිතක නිවහන ඔබ ලඟයි
මහා කතරක ගෙවූ තනිමග නිමා කල ඉම ඔබේ නෙතයි


0 comments:

Post a Comment

 
Top