Advertise

නෙතු දැහැන් බිදී
හද විමන් වඳී
සුරඟනක් වගේයි කුමරී
සෙනෙහසින් බැඳී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ගණදුරෙන් මිදී
තරු ‍රැහැන් අදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

හසඟනන් පිරී
පෙති පියුම් හැරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අඟින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී


0 comments:

Post a Comment

 
Top