Advertise

මහා වැස්සක පෙර ණිමිති පෙනෙනවා
කව්ලුව අතරින් හිරි කඩ එනවා
මල් පැනි වඩියක උනුසුම ලබනට
යන්නට ඔනෑ කඩමංඩිය වෙත

කබාය ඉරිලා ඊට කමක් නැත
කව්රු බලන්නද කව්රු දකින්නද
මා දැන් මහළු වියේ  මා දැන් මහළු වියේ

පාරට බස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩී
හිරි පොද වැස්සෙ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතක‍යි මට හොද හැටි මතකයි

මී විතකින් ගත උනුසුම් වූ වද සිත උනුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොලට
එපා එපා මී විත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා මා අපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නැත
කව්රු බලන්නද කව්රු දකින්නද
මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ


0 comments:

Post a Comment

 
Top