Advertise

ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
මේඝවලා සලු පට අතරින් මම් ඔබ වෙත එන්නම්
මෑත තුශාරා බිදු අතරේ පිපුනු කුසුම ඔබ නම්
සද මඩලේ සද කුමරිය වී මම් ඔබ සුරකින්නම්

ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
අපි ඉමු පිලිසදරේ
රන් දෝලාවෙන් කැදවා යන්නම්
කුමරිය ඔබ මාගේ

සදලු තලාවේ මුනින් තලාවී
කදුලැලි පිරුනු නෙතින්
සමුගන්නම් මම් කුමරිය ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්


0 comments:

Post a Comment

 
Top