සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවී ගියා
මං ගැයුව දුක් ගායනා
ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුණා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනා නිසා
සංසාරේ නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
මේ මොහොත ළංවෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ගංඟා පවා සිදිලා ගියා
මං හෙළුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment