Advertise

මෙ උයන් තෙරේ මෙ තුරු සෙවනෙ
ඔබේ කතා මට තවම ඇසෙ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනෙ

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නැ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ
අතර මගක මා දමා තනිව මේ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ

අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
යලිදු ඔබ එතැයි පතා හිදිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ


0 comments:

Post a Comment

 
Top