Advertise

ඈත මෑත සුවඳ දී සැලී
නේක නේක හැඩ රුවින් හැදී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී
යාළු යාළු පොඩි ළමයි අපී

උදෑසනක උදා ඉරක අරුණ කිරණ අපී
කඩා හැලෙන දිය දහරක පිපෙන ගොපලු අපී
සදාහරිත තුරු ගොමුවක සලිත ළපලු අපී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී

සද නැති රෑය මිහිර විදින තරු පිරිවර අපී
දේදුන්නක පාට හදන සමනල තටු අපී
ඇළට දොළට දිය පුරවන පිනි හිරිකඩ අපී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී


0 comments:

Post a Comment

 
Top