Advertise

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ශිතිජයක් විය
කී කතාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි


0 comments:

Post a Comment

 
Top