Advertise

කදුලු කථාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුන දා
සතටු ගඟක් ගැලුවා
හදට හදක් බැදුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඩා දොඩා
ගෙවුනු අතිතෙන් අපි සමු ගන්නෙමු
අලුත් ලොවක රන් කිරුලු දරා


0 comments:

Post a Comment

 
Top