Advertise

දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරිතලා
පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා


0 comments:

Post a Comment

 
Top