Advertise

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ක්ලේශ මාර සේනා //

ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ක්ලේශ මාර සේනා

ආදරයේ බැමි සිඳිලා පෑරුණු සිත සංසිඳිලා
ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ක්ලේශ මාර සේනා

සතර පෙර නිමිති දුටුවේ
සසර දුක නිසා
එතෙර විය හැකි ය එගොඩට
මුනිඳු බණ අසා

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ක්ලේශ මාර සේනා

සැනසුම හමුවේ සියලු දුක් නිවේවා
සැනසුම හමුවේ සියලු දුක් නිවේවා
සැනසුම හමුවේ සියලු දුක් නිවේවා


0 comments:

Post a Comment

 
Top