Advertise

රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගෙ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ
උල්පතයි කරුණා ගුනේ
සෙනෙහසයි ඔබ රන් හිරේ
නාදයයි මගෙ ජීවිතේ
මා ඔබේ සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ

කැඩපතයි හඳ මංසලේ
රියසකයි ඔබ ආමගේ
බෑවුමයි ගිරි දුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ

මහ මෙරයි මුදිතා ගුනේ
සලකුනයි ජයමාවතේ
රිද්මයයි මිනිසත් කමේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ

0 comments:

Post a Comment

 
Top