Advertise

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
මල් වගෙ සිනහා ගේනා මුදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා හීන් සාදනා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නැවීලා නුඹ ඒදෝ පායාලා

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් ළග දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන් පාලු වී ගියා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නැවීලා නුඹ ඒදෝ පායාලා

සන්සුන් නැති සිත්තම් මගෙ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම් බස් දොඩනා
නෑසු ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නැවීලා නුඹ ඒදෝ පායාලා


0 comments:

Post a Comment

 
Top