Advertise

මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ

හිතේ තියන පාලු ගතිය මගහරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
අප දෙන්නා අදුරු ලොවක තනිකරදා පුතේ
නුබෙ අම්ම දිව‍‍ය ලෝකේ ගියා චූටි පුතේ
මා හට දී ඔයා ඈ සුර ලොව ගියා
සුර විමනට වැදී මගෙ රන්කද නිදී

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති ගතේ
ඔබ නැතිනම් මමද නැතැයි මැරී ඇතැයි සිතෙ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන්දිනෙ
මාහට දී ඔයා ඈ සුර ලොව ගියා
ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුරවිමනට වැදී මගෙ රන්කද නිදී


0 comments:

Post a Comment

 
Top