Advertise

රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා

පණ තරමට පෙම් කළ උඹ කෝ කියලා
අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා


0 comments:

Post a Comment

 
Top