Advertise

පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රෑහැයි හඩේ දුක් ගීත රාවයේ //
සවනේ වැකුනේ ගොලුවු හඩක් ලෙසින්
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ //
කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල් රුප්පාවේ දග කල සෙල්ලම්...


0 comments:

Post a Comment

 
Top