Advertise

පෙනෙනා තෙක් මානේ රැදිලා එදා
හැමදාම වැරදිමයි කලේ දැන දැනාත් ඔයා
නොහඩා සංසාරේ තියෙනා තුරා
යලි නොඑන ඔබට ආදරේ තව තවාත් කළා

හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඈතින් ඔයා

මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ
ලග නැති ශෝකේ දවනවානේ මගේ ප්‍රානේ
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඈතින් ඔයා

දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ
කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඈතින් ඔයා


2 comments:

  1. සිංදු වලට කැමති නං ඒව විදින්න බාධාවක් නෑ නේද... ඒත් දැං ඇහෙන සමහර සිංදු නං අඩෝ වැඩියා...
    මං මේක කලිං අහල නෑ..
    ටිකක් හොදයි...
    අඩන ගතියක් තියෙනවද මංද...

    මේලිංක් එකෙන් යන්නකො බලන්න...
    ඔයාට වැදගත් වෙයි... මනෝ කියන්නෙ හොද බ්ලොගර් කෙනෙක් වගේම පට්ට ගීත විචාරකයෙක්...
    http://masandumal.blogspot.com/
    බලන්නකො ගිහින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ඇත්තටම ඒ බ්ලොග් එක ගොඩක් වැදගත්.

      Delete

 
Top