ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
සිත ඔබව සොයනව දවසෙම
මේ ජීවන හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලණියේ
මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳවී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිණියේ
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment