මාලි සිහින කුමාරි
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරෙ සරණා සෙනෙහේ
පවනේ රහසින් කොදුරා
හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවි
ගත දැවටෙන්නේ
දෙනෙතේ සැගවී නොපෙනී
ඈ කොයි යාදෝ
අදුරේ රහසින් සැලෙනා
පිණි කඳුලක් දෝ
පින්නේ හැපෙනා දිලෙනා
සඳ කිරණක් දෝ
මා දෑසේ මැවු සේයා
මායාවක් දෝ
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment