Advertise

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ
නෑසුණේ සොඳුරු ගායනා ඔබගේ
මා හැමදාමත් මග බලා උන්නාසේ
රූ සේයාවක් බොඳවෙලා අහසේ

රිදුනේ මටයි මගේ හිතයි සදා
හැඩුවේ මමයි මගේ හැගුම් එදා
මා පසු කලා තරු නැති අහසක් එය සුව ගමනක් නොවේ
නුබේ උනුසුමේ මිය යනු බෑ මට නගේ

ලා හිරුගෙන් මිදුනු වලාකුලු අතරේ
පෑ මුතු සිනා සැගව ගියා හද ගෙත්තමේ
තොල් පෙති තාමත් ඔබ සොයයි රහසින් වගේ
ආදර ගගුලක් තනි වෙලා නෙතු දෑලේ

රිදුනේ මටයි මගේ හිතයි සදා
හැඩුවේ මමයි මගේ හැගුම් එදා
මා පසු කලා තරු නැති අහසක් එය සුව ගමනක් නොවේ
මේ උනුසුමේ මිය යනු බෑ මට නගේ


0 comments:

Post a Comment

 
Top