Advertise

සක්මන් කරන මළුව පාළුයි දේවි
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවි
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකි සඳ මා ඔබේ කුමාරි

සෙංකඩ ගල වටකර පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ


0 comments:

Post a Comment

 
Top