Advertise

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ

අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුනා
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුව රොන් සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ


0 comments:

Post a Comment

 
Top