Advertise

අද දිනය එලඹිලා
මා සිහින ඉටු වෙලා
ඔය දෑත මා හට හිමිවෙලා
පැතූ පැතුම් පුරා

මේ ජීවිතේ මගේ
නව පිටුවක් පෙරලිලා
ඉන්නම් සදා ඔබේ ලගින්
ඔබේ තුරුලට වෙලා

අතිනත ගත්තා ඔබ හා ආදරෙන්
පොරොන්දු වූවා ඔබ හට හදවතින්
සිහිනයක් දැක්කා පෙර දින මා සිතින්
ඒ සෑම දේ අද දින එලි වී ඉතින්

මුලු ජීවිතේ ඔබ හා ලන් වී බැදී
පියමන් කරමි ඔබ හා ආදරෙන්

මුලු ජීවිතේ අද ලස්සන වෙලා
ඔබේ මුහුන මෙන් කාන්තිමත් වෙලා
මගේ ජීවිතේ ආදරෙන් පිරි ගියා
ඔබේ හද මෙන් ආදරෙන් පිරි ඉතිරුනා

මුලු ජීවිතේ ඔබ හා ලන් වී බැදී
පියමන් කරමි ඔබ හා ආදරෙන්

අද දිනය එලඹිලා.....


0 comments:

Post a Comment

 
Top