Advertise

කිවු දේ හොර රහසින් දිගු දෙනෙතින් සියුමැලියේ
මහදේ රස හැගුමන් පිරිමදිමින් මිව්ලැසියේ
ඔය රුව මගේ නෙත පිනවා මුලු හඳ ගැබ කිති කැවුනා

සුවඳ හැමුවේ කුසුම විලසේ සුකුමල වත කමලේ
බඹරු අහසේ රොනට ඇදුනේ ආදර මද පවනේ
නිල් විල් දිය මත රගනා සුදු හසගන සේ රුව පෙනුනා

සීත අරනේ සිසිල නොදැනේ උනුහුම විදි දැහැනේ
මියුරු ස්වරයේ ගැයුනු රාවේ දෙසවන් පිනවුයේ
ගැයු ගීසර දෙසවන් පිනවා දැන් පෙම තව ලියලනවා

කිවු දේ හොර රහසින්...

0 comments:

Post a Comment

 
Top