Advertise

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ

ලබා නොමිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ

ලොවම එපා වී ලොවම කලකිරී...


0 comments:

Post a Comment

 
Top