Advertise

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලා
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මිදුමේ දිදුළන පුන් සදක් වගේ
එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජිවිතේ මගේ

දෑලේ ගගුලැල්ලක් සේ මා සීතයි බෝමා
දොරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා
ජිවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැබුරයි ඒ හැගුමේ

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගි පානා
රෑ තුන් යම ඇස් මනා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අළුතින් මා ඉපිදේ


0 comments:

Post a Comment

 
Top