Advertise

අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ
සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේ

හිතුමතේ රවටාලා සෑමදා
පණවගේ දිවියේම කියා
නික්මුණේ පිටපාරේ ඇයි ඔයා
හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවා

හදවතේ ඔබෙ රූපෙ රදවලා
තනි උනේ සංසාරේ පුරා
මුලු රැයේ හැඩුවා ඉකි ගසා
මතු බවේ මගේ වේවා ඔයා
ආයෙමත් එනතුරා
ආදරෙන් මග බලා
තාම මා හඩනවා


0 comments:

Post a Comment

 
Top