Advertise

යෙහෙළියකසේ සොයුරියකසේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙසබලන්නද
පෙම්කදුළු දෑසින්

හැදිණ ගත්තේ අප උනුන්
පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ ඒ දිනේ
ප්‍රේමයෙ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙළියකසේ සොයුරියකසේ
පෙම්කදුළු දෑසින්

ඔබම ඔබ සිත රවටමින්
අහක බැලු දවසේ
ඔබ ඉවතහල මා අදත්
අඩමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙළියකසේ සොයුරියක සේ
පෙම් කදුලූ දෑසින්


0 comments:

Post a Comment

 
Top