Advertise

ආයෙත් හඩන්න
කදුළක් උනන්න
ඇයි අපි මේ හමු වන්නේ

හිමි නැති ඔයාව
හිත යට තියාන
දුක් විදලයි හිත හැදුණේ

ඔබ හිණ හෙන්න ඔබේ රජ දහනේ
මං තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒ කයි මං ඔබෙන් වෙන් වෙන්නේ

ආඩම්බර රුව දැකලා
සිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසිදා
පුංචි පෙම්වත් කතා
අපේම ළොවේදි
අපි මුණ ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි
මන් ඉකි බිදීවි
අපි ඈතයි සැමදා

සදාතනික පෙම පතලා
තනිකඩ සිත් මුළා වෙලා
අති නැති දුර දුරක තියා
සත්තමයි පෙම් කළා
අපේම ළොවේදි
අපි මුණ ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි
මන් ඉකි බිදීවි
අපි ඈතයි සැමදා


0 comments:

Post a Comment

 
Top