Advertise

මල් කැකුළක‍ට ආදරෙයි කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්

අහස තරම් දුරක හිඳන්
පිනි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැළි සිප ගන්නට
අහසට හැකි නම්
ඒ කෙහෙරැළි සිප ගන්නට
ඇයි මට තහනම්

මල් කැකුළක‍ට ආදරෙයි කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්

ගහකොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
ඔබෙ සියොළඟ සිපගන්නට
සුළඟට හැකිනම්
ඒ සියොළඟ සිපගන්නට
ඇයි මට තහනම්

මල් කැකුළක‍ට ආදරෙයි කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්


0 comments:

Post a Comment

 
Top