Advertise

වින්ද ප්‍රේමය මංමුළා කළ ඈ සිතින් සෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ
ආදරය ගැන මාගෙ සිහිනය ඈ ළඟයි තිබුණේ
සීතලක අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ

වින්ද ප්‍රේමය මංමුළා කළ ඈ සිතින් සෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ

මැව්ව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ
අන්ධකාරයේ හා බැදී උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා
ඔබ හා මා ආදරෙන් බැදුනා

වින්ද ප්‍රේමය මංමුළා කළ ඈ සිතින් සෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ

දුන්න සෙනහස ඈත අහසේ මාලිගාවක් සේ
ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා
ඔබ හා මා ආදරෙන් බැදුනා


0 comments:

Post a Comment

 
Top