Advertise

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ //

මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවි ද යාළුවෝ
උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...

උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...


0 comments:

Post a Comment

 
Top