Advertise

අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චි
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චි

වලාකුලේ දාබීඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬුමං බැඳ සත්කුළුපව් බිද
සිදාදියට එන මං තැනුවා


0 comments:

Post a Comment

 
Top