Advertise

එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට

විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග දැන අරුම
සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර හිතට කිවෙමි නොහඩන ලෙසින

සිටිනා කොදෙවුවක නුඹ සැප විධි නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකට ද දුක් ගී කල්පනාවන්


0 comments:

Post a Comment

 
Top