Advertise

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳ වී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ
ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යළි එයි සිතිලා

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා

ඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා

මගේ වෙලා මගෙන් ඔයා ඉනු මැන
ළඟින් මගේ සිතින් රැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා


0 comments:

Post a Comment

 
Top