Advertise

වෙහෙරක් වගේ පිං දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මා

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මා

කඳුළක් වෙලා දුක් වු කෙනෙක්
දියඹක් වෙලා තුටු වු කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වෙ නම් ලොවේ නුඹයි අපෙ අම්මා


0 comments:

Post a Comment

 
Top