Advertise

නිවි නිවි එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඬුවා ආදරේ
දෑසේ කඳුළු හංගා හිටියා ද ඔබ මන්දා
නිවි නිවි එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඬුවා ආදරේ

යන්න ඔබ යන්න දුක් නොදී පාඩුවේ
බැන්ද කිරි හීන එළිවෙන්නේ නෑ මට මගේ
අපි තාම තාම නෑ දන්නේ
වෙනදා වගේම හීන පෙනෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ

නිවි නිවි එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඬුවා ආදරේ

තාම මම ඉන්නේ ඔබ දුන්නු මතු හීනයේ
හේතුවක් තාම දවටන්න බෑ ප්‍රේමයේ
අපි තාම තාම නෑ දන්නේ
වෙනදා වගේම හීන පේන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ
ඔබටමයි ඇත්තමයි ආදරේ


0 comments:

Post a Comment

 
Top