Advertise

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක් වත් දෙන්න

නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට
කියා ගන්නට බැරිව හිටි දුක්
දන්නෙ කවුරුද ඔබම මිස

මලානිකවු මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස
පිපේ නම් ඒ ඔබට මයි
කාට අයිතිද ඔබට මිස


0 comments:

Post a Comment

 
Top