Advertise

ලා සඳු ආයේ පායාලා
නෙතු මානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අඳුරේ පීදීලා
සඳ එළියේ නෑ වීලා
සිත් මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ
රිදී රැස් දිදී
හදේ විල් තලාවේ
රටාවන් අඳී

ලා සඳු ආයේ පායාලා...

මවා රන් රශෝගේ
හදේ තත් කැඩී
සුසුම් යාවුණා
පවන් හා ගැටී
යොවුන් සිහින පීදීලා
සිතුම් යාය කැලබීලා
යාවීලා නුරාගි සේයා
පීදීලා සෙනේහෙ ඡායා
යාවීලා පීදීලා චන්චලයි සේයා

ලා සඳු ආයේ පායාලා...

0 comments:

Post a Comment

 
Top