Advertise

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ

මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටිනයි මා...//

ඇගෙ චේතනාවන් මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...

තනිවී සිටින්නයි මා...//

0 comments:

Post a Comment

 
Top