Advertise

ඔයා ලගින් ඈත් වෙලා විදින්න බැරුව
තනිවුනු මගේ හිත පතන්නෙ තවමත් ඔබව
ඉස්සර වගේ මගේ ලගින් ඔබ නැතිවාට
කදුලු පුරව මගේ ඇස්දෙක හොයන්නෙ ඔබව
කදුලු පුරව මගේ ඇස්දෙක හොයන්නෙ ඔබව

නෙතු අතරේ කදුලු ඇතත් ඔබ දකින්නේ නෑ
මා අතහැර වෙන් වුනාට තරහ වෙන්න බෑ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ

ඔයා ලගින් නැති පාලුව දරා ගන්න බෑ
ඔයා ලගින් ඈත් වෙලා මට ඉන්නට බෑ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නේ නෑ

ඔයා ලගින් ඈත් වෙලා............


0 comments:

Post a Comment

 
Top